2017 ජූනි මස 23 වැනි සිකුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි

2017 පෙබරවාරි මස 14 19:08:25 | . , ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරෙනි. පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් මහතා ඉල්ලා අස්වූ බව ධවල මන්දිරය නිවේදනය කරයි. 

ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ජනාධිපතිධුරයට පත්වීමට පෙර ඇමෙරිකා සම්බාධක සම්බන්ධයෙන් මයිකල් ෆ්ලින් මහතා එරට සිටින රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇත.

ඔහු බලධාරීන්ට වැරැදි තොරතුරු දුන් බවට අනාවරණය වී ඇත.ෆ්ලින් මහතා රුසියානු තානාපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකා නීතිපති දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි. ෆ්ලින් මහතා රුසියාවේ ප්‍රාණ ඇපයට පත්වීමේ අවදානමක් තිබූ බව ද වාර්තා වෙයි. 

මේ අතර ෆ්ලින් මහතාගේ ඉල්ලා අස්වීමට පෙර ඔහු ධුරයෙන් නෙරපන්නැයි ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉල්ලා තිබූණී.මේ අතර විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් කීත් කෙලොග් මහතා වැඩබලන ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස පත් කර ඇත.

ඔහු හමුදාවේ වසර 30ක අත්දැකීම් ඇති අයකු වන අතර වියට්නාම, කාම්බෝජියා, පැනමා සහ ගල්ෆ් යුද්ධවලට සම්බන්ධ වී ඇත.කීත් මහතා පසුගිය ජනාධිපතිවරණය සමයේදී ට්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස කටයුතු කළේය.

අදහස්(6) බැලූවෝ (7174)

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශකවරයා ඉල්ලා අස්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අජිත් නිශ්ශංක 2017-02-15 18:19:20

හොද හොද සෙල්ලම් එලිවන ජාමෙට! (ම)

විද්‍යා 2017-02-16 15:36:28

ට්‍රම්ප් කියන්නෙත් කොහොම කෙනෙක්ද කියන එක දැන් ටික ටික එළිවෙනවා (නි)

ෆ්‍රෑන්ක් 2017-02-19 01:19:43

ට්‍රම්ප් කොහොම කෙනෙක් වුණත් ඔයාට මොකද විද්‍යා? අනේ ඔයාගේ වැඩක් බලාගන්න. (නි)

ප්‍රියන්ත 2017-02-19 21:20:19

මෙහෙ අපිට කන්න හාල් නැහැ. (නි)

සෙනවි 2017-02-20 22:30:56

අපිට ඕනෑ අන්න ඒ විදියට කොන්ද කෙළින් තියන කෙනෙක්. (නි)

අජිත් 2017-02-22 15:46:54

අනේ සෙනෙවි, මම නම් දන්නා කාලේ ඉඳලා ලංකාවේ ජනතාව පත්කරගත්තේ මෙයා වගේ නායකයෝනේ! මේ පළවෙනි සැරේට තමා ඇමෙරිකාවේ මේ වගේ කෙනෙක් පත්වුණේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :