2017 අගෝස්තු මස 24 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ශසිකලා සිවු වසරක් සිරගෙට යවයි

2017 පෙබරවාරි මස 14 11:14:26 | . , එන්ඩීටීවී ඇසුරෙනි.

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඇයට හැකි ඉක්මනින් චෙන්නායි පොලිසියට බාර  වෙන ලෙස ද නියෝග කෙරිණ. ඇය සමග ඇගේ ඥාතීන් දෙදෙනකුටද මෙම දඬුවම නියම වනු ඇත.

ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත. 

හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මියටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. නමුත් ඇය මිය ගොස් ඇති නිසා ඇගේ ක්‍රියාකලාපය පිළිබඳ මෙහිදී විභාගයට ගෙන නොමැත. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් වෙන වෙනම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකාරිය බවට විනිසුරුවරුන් දෙදෙනාම තීන්දු කළහ.

අදහස්(31) බැලූවෝ (12154)

ශසිකලා සිවු වසරක් සිරගෙට යවයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මොහොමඩ් 2017-02-14 06:34:35

කල කම් පලදෙයි මෙලෙසේ (ම)

සරත් 2017-02-14 06:32:14

ලංකාවෙත් ඔය වගේ ඉක්මනට තීරණ දෙන්ට බැරි මොකද (ම)

මහී 2017-02-14 06:39:01

ඉන්දියාවේ සීජීආර් එක වගේම ඉන්දියාවේ එෆ්සීඅයිඩී එකත් හොඳයි වගේ. (නි)

ජනහිත 2017-02-14 06:39:11

පුංචි අම්මට මේ මොකද වුණේ. අම්මත් හිටියා නම් දෙන්නටම එකට ඉන්න තිබුනා නේද? (නි)

කුමාර් (ගල්ෆ්) 2017-02-14 06:41:20

ආසියාවේ ඔක්කොම දේශපාලුවෝ මේ වගේම හොරු තමා, මොන පාටෙන් හෝ පෙනීසිටියත්. (නි)

කුමාර් (ගල්ෆ්) 2017-02-14 06:43:29

ලංකාවෙත් බුරුතු ගණන් ඉන්නා දේශපාලන හොරුන්ට බයනැතුව, තරාතිරම නොබලා දඬුවම් දෙන්නා ඕනෑ. (නි)

විශ්ව 2017-02-14 07:02:54

අපි කොච්චර ඉන්දියාව බැන්නත්, අපේ රටට වඩා නීතිය නම් හොඳට ක්‍රියාත්මක වෙන පාටයි. අපේ රටේ වෙච්ච මහ බැංකු වංචාව වගේ මහා හොරකම් වලට සම්බන්ධ අයටත් මේ වගේ තීන්දු අපේ රටේ අධිකරණයකින් කවදා ප්‍රකාශ කෙරෙයිද?? (නි)

දිමුත් 2017-02-14 07:21:48

ලංකාවට ඒ පැත්තෙන් මාලු කේස් නෑ මේ දවස්වල... (ර)

අබරන් 2017-02-14 07:24:49

එට්කා ගිවිසුම යටතේ නඩු ඇසීම පිණිස ඔය විනිසුරුවන් දෙදෙනාත් ලංකාවට ගෙන්විය යුතුයි... (ර)

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය 2017-02-14 07:36:52

ජයලලිතා ජයරාම්ටද මෙවැනි සිර දඬුවම් ලබා දුන්නද, එය ඉහල උසාවියකින් අහෝසි කර ඇය නිදහස ලබාගත් පරිදි, මේ මහත්මියත් සතියකින් එලියට ඇවිත් මහ ඇමතිනියවී, පරණ පුරුදු වැඩ අරඹන බව සහතිකයි. (ර)

රෝහිනී ගම්මන්පිල 2017-02-14 07:34:46

මහී, ඉන්දියාවේ කොහෙද සී.ජී.ආර්. එකක් ඒක, ලංකාවේ දුම්රිය සේවය නේ. (ර)

කුමාර 2017-02-14 07:40:43

අපේ රටේ සිටින දේශපාලන තක්කඩින්ට මේක හොඳ පාඩමක් (බ)

මොහාන් 2017-02-14 07:42:29

විශ්ව, ලංකාවේ සිද්ධ වුණු අට අනූවක් හොරකම් වලින් ඔබට මතක මහා බැංකුව විතරද? (බ)

සුදාර 2017-02-14 08:28:33

මෙන්න මෙහෙමයි දඬුවම් දෙන්න ඕන. (ර)

දයානි 2017-02-14 08:56:38

බුදුදහමට අනුව කිසිම කෙනෙකුට වරදක්කර හැංගෙන්න පුලුවන්ද? මෙයාටනම් නීතියෙන්ම ලැබුනා. නොලේබුනානම් සෝබාදහමෙනුත් ලැබෙනවා. කොවූරුත් හිතන්නේ හැමදාම රජකරන්න. (ර)

ප්‍රියාන් 2017-02-14 09:35:53

ලංකාවේ මේ වගේ නඩු අහල ඉකමනට තීරණ දෙනවා නම්... (ර)

fb-icon කුමාර හේවගේ 2017-02-14 09:36:30

අපේ රටේ අයනම් කවදාවත් හිරේ යන්නේ නෑ. හැමදාමත් දිනන පැත්තේ. (ර)

මහී 2017-02-14 11:01:57

රෝහිනී, ඉන්දියාවේ එෆ්සීඅයිඩී එකකුත් නෑ. (බ)

ලක්සිරි 2017-02-14 11:39:25

අපේ රටේ නම් හොරකම් කරලා හිරගෙට යන එක වීරකමක්නේ. ඇත දෙකම උඩට පෙන්වලා තමයි ඒ අය වීරකම ප්‍රදර්ශනය කරන්නෙත්. (ර)

රවින් 2017-02-14 11:44:06

ලංකාවේ උතුර දමිල ධිවරයින්ට අදහන සියලු දෙවිදේවතාවන් බැල්ම ලැබුනා. මෙයාගේ බෝට්ටු තමා වැඩිපුර උතුරු මුදුතිරයේ මාළු ඇල්ලුවේ. (ර)

චරිත 2017-02-14 12:16:54

මෙතන අදහස් ඉදිරිපත් කරන හුගක් අය මේවායේ ඇතුලන්තය දන්නේ නැහැ වගෙයි. (ර)

අමල් 2017-02-14 13:34:16

වැරදි කර ඇත්නම් දඬුවම් ෂුවර්. (ර)

මලී 2017-02-14 13:42:15

ඔය කව්රු කව්රුත් බලයට නැහෙන්නේ, හොරාකාපු ධනස්කන්දය බේරාගෙන සුර සැප විඳින්නයි. මිනිසුන් දෙපිලට බෙදී මොවුන්ට සුර සැප දෙන්න කුලල් කා ගන්නවා. (ර)

රණවක 2017-02-14 14:06:54

ලොකු අය වැරදි කරනවා, පස්සේ හිරේ දමනවා, ලෙඩ වෙනවා, රෝහල්ගත වෙනවා.... ටික කලකින්ම ඉතින් අභියාචනා එනවා... නීතීය ඒ අය නිදහස්ම කරනවා....... (නි)

අජිත් 2017-02-14 15:19:28

ලංකාවේ කස්ටියටත් ඔය සෙන්ටෙන්ස් එකම තමයි බලන්නකෝ මොකද වෙන්නේ කියල ? (අ)

සුධිර 2017-02-15 02:48:04

මේ ලිපියේ තියෙන්නේ ඇයට දඬුවම් දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බව. එහෙනම් නිදහස ලැබෙන්න විදියක් නැහැ නොවේද? (නි)

ජනහිත 2017-02-15 06:53:38

දැන් නම් අපේ අයට එන පොට හොඳ නැහැ වගේ. එහෙන් ඇමෙරිකන් සහයෝගය ඉවත් කළා වගේම මෙයා හිරේ ගියා. ඉන්දියාවේ තිබුන හිසරදය දැන් ඉවරයි. දැන් මොන අත්තෙ එල්ලෙන්නද මන්දා?

ජනහිත 2017-02-15 06:57:10

ඔවු සරත්, නඩුව අහන්න අවුරුදු 20 ක් ගියා කියන්නේ එච්චරම කාලයක් නොවෙයිනේ. (නි)

විජේපාල 2017-02-16 16:28:04

අනේ ඇත්තටම ඉන්දියාව ලංකාවට වඩා ගොඩක්ම ඉස්සරහින් ඉන්නේ. වැරදි කරන අයට තරාතිරම නොබලා දඩුවම් දෙනවා. අනේ අපේ රටෙත් එහෙම ක්‍රමවේදයක් තිබුනා නම් කොච්චර හොඳද. (නි)

හේවා 2017-02-17 00:51:01

අද ඉන්න අපේ පාලක පන්තියත් මේ දෙයම අනුගමනය කරන බව සක්සුදක් සේ පැහැදිලිය (නි)

චමින්ද පුස්වෙඩිල්ල 2017-02-17 09:27:40

ඔය අධිකරණයයි විනිසුරුවරුන් ටිකයි මාස තුනකට ලංකාවට ගෙන්නගන්න බැරිද? නැහැ මං නිකන් කිවුවේ. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :