2017 ජූනි මස 29 වැනි බ‍්‍රහස්පතින්දා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

සාමාන්‍ය මිනිස් රුචිය වැඩිපුරම ඇත්තේ සිනා නගන්නද? අඬා වැටෙන්නද?

2016 ජූලි මස 20 14:52:51 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් ධර්ම කරුණුයි ඒවා අනුගමනය කරන්නට බැඳී සිටින සිංහල සමාජයයි අතර ලොකු පරස්පරතාවක් තිබෙනවා වගෙයි මේ කාලේ පෙනෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්ම න්‍යාය පැහැදිලිව තිබෙනවා. නමුත් එය සමාජ භාවිතයට ගැනීමේදී යම් යම් කඩතො`ඵ තිබෙනවා. ගිහි සමාජය පැවිදි සමාජය කියලත් වෙනසක් නැති තරම්. ධර්මය සමාජ භාවිතයේ දකින්නට අඩුයි. එය එසේ වීමට එක හේතුවක් තමයි මිනිසා හර්ද සාක්කියට වචනයෙන් පමණක් එකඟ වීම. කතා කරකර ඉන්න කොට කොයි කවුරුත් හරි හොඳයි. 

 SLD_20160612_B01211
ධර්මයට අනුව ජීවත් වෙන්නට යාම වහකදුරු වගේ. 


හර්ද සාක්කිය කතාවේ පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැහැ. එය තියෙන්න ඕනෑ ක්‍රියාවේ. වාචසික වගේම කායික ක්‍රියාවත් වැදගත්. නමුත් වචනයටත් වඩා කායික ක්‍රියාව ප්‍රයෝජනයි. 


 අපේ සමාජයේ ධර්මය විස්තර කර දෙන්නට යන අය බොහෝයි. ධර්මය කියා දෙන අයත් ඒ වගෙයි. ධර්මය අනුව තම ජීවිතය සරසාගන්නන් අඩුයි. ධර්මයට සවන් දෙන්නෝ අඩුයි. ධර්මයට අනුව ජීවත් වෙන්නට යාම වහකදුරු වගේ. 


 බාහිර සමාජයේ අපට හමුවන මිනිසාත් සචේතනික මිනිසාත් වශයෙන් එකම මිනිසාත් කොටස් දෙකකට බෙදන්න පු`ඵවන්. බාහිර කායික ස්වරූපය අනුව කෙනෙකු ගැන පැහැදීම් ඇතිකර  ගැනීම සමාජයේ සිරිතයි. නැතිනම් ලස්සනට හිනාවෙන අය, මුහුණ ලස්සන අය, තමන්ගේ යහපත ම කතා කරන අය යහපත් අය ලෙස හිතනවා. ඒත් මෙයා ඇත්ත මිනිසා නෙවෙයි. එයා ව්‍යාජ මිනිසා. ඇත්ත මිනිසා තමයි සචේතනික මිනිසා. ඒ කියන්නේ කෙනෙකු කල්පනා කරන අකාරය අනුව තමයි ඔහු කරන කියන සියලු ක්‍රියාදාමයන්ගේ නිවැරදි බව හඳුන ගන්න හැකි වෙන්නේ. කෙනෙකු හිතන විදිහ බාහිර සමාජයට හඳුන ගන්න පු`ඵවන්. ඒත් ඒ සඳහා  දීර්ඝ කාලීන ඇසුරක් තියෙන්න ඕන. එහෙම නැතුව වෙනත් කෙනෙක් මොන වගේ ද කියලා හරියට දැනගන්න විදිහක් නැහැ. මිනිසා ගුප්තයි. ගැහැනියත් ඒ වගෙයි. 


 තමා මිනිස්කම දෙන විට අනිකා තුළ බොහෝ විට මතුවන්නේ මිනිස්කම. 


බොහෝ විට සාමාන්‍ය මිනිසාගේ ලක්ෂණය තමයි අනිකා දෙන දෙය ම තමා ද පෙරළා දීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ තමා මිනිස්කම දෙන විට එයා තුළ බොහෝ විට මතුවන්නේ මිනිස්කම. අවංක කම දෙන විට වැඩිපුර අනෙකාගේ අවංක කම මතු වෙනවා. මෙය සාමාන්‍ය ස්වභාවයයි. විශේෂ අවස්ථාවක දී මෙය වෙනස් වෙන්න පු`ඵවන්. මිනිස් සිතුවිල්ල හරිම සංකීර්ණයි. සොඳුරුයි. පිවිතුරුයි. නිරවුල්. සැහැල්ලුයි වගේම අඳුරුයි. අපිවිතුරුයි. අවුල් බර ගතියකුත්  තියෙනවා.

31-pg16d--tals--pgs
 තම තමාගේ සිතුවිලි ගැන වෙන වෙන ම හදාරණ එකත් යහපත් මානසික අභ්‍යාසයක්. මෙන්න මේ විදිහට තමන් ගැන වුණත් හිතන්න පු`ඵවන්. එනම්, 1. මං මොන වගේ කෙනෙක් ද? 2. මගේ සිතුවිලි මොන වගේ ද? 3. මට හිතන්න තියෙන්නේ මොනවා ද? 4. ඇත්තටම මං හිතන්නේ ඒවා ද? 5. මා ගැන අනිත් අය මොනවද හිතන්නේ ? 6. මගේ අදහස් ගැන ඒ අය මොනව ද හිතන්නේ ? 7. ඇත්ත මමයි බොරු මමයි දෙන්නෙක් ද? 8. එහෙම නැත්නම් එක් කෙනෙක් ද? 9. එක්කෙනෙක් වගේ දෙන්නෙක් ද? 10. දෙන්නේක් වගේ එක්කෙනෙක් ද?11. මගේ ඇත්ත සමාජයෙන් හංගන්න මට අවශ්‍ය වුණේ ඇයි. 12. ඉන් මට ලැබෙන වාසි මොනවා ද? 13. අලාභ මොනවා ද? 14. මගේ අපේක්ෂිත අරමුණක් තිබෙනව ද? 15. එහෙම එකක් නැද්ද? 16. එයා මට හොඳයි කියා මම කියන්නේ ඇයි? 17. එයා මා ඇසුරු කරන්නේ වාසිය පිණිස ද? 18. නැතිනම් ලාබය පිණිස ද? 19. ඇත්තටම මං වංචනිකයෙක් ද? 20. මම ඉන්නේ නින්දෙන් ද? ඔය ආදී වශයෙන් තමන්ගේ මනස සමඟ විවිධ සාකච්ඡා තබන්න තමන්ට පු`ඵවන්. ඒවගේ දෙවල්වලින් තමන් ගැන යහපත් අවබෝධයක් තමන්ට ලැබෙනවා.


 ප්‍රඥාවන්තයා යි දුර්ජනයායි අතර පවතින දුර මෙපමණයයි කියලා කියන්න බැහැ.       


අපේ සමාජයේ ජීවත් වන මිනිස්සුන්ගේ අදහස් ගැන විමසා බලන කොට ඒ බොහෝ අය තුළ කිසියම් විරෝධයක් තිබෙනවා වගේ පෙනෙනවා. අනිකාට විරුද්ධයි. එයා දියුණු වෙනවාට විරුද්ධයි. එයා සතුටින් ඉන්නවාට විරුද්ධයි. ඇයි මේ විරෝධය කියා තමා විසින් තමාගෙන් ම විමසා ගත යුතුයි. එහෙම නැත්නම් තමාවත් නොදැන එය මනසේ තිබිලා වෙනත් ලෙඩරෝග හැදෙන්න පු`ඵවන්.  බුදුරජාණන් වහන්සේ දවසක් මෙහෙම දේශනා කරනවා. මහණෙනි, ඉර පායන තැනත් ඉර බැස යන තැනත් අතර පවතින දුර කොපමණ ද? ඒ දුර මෙපමණයි කියා මැනලා කියන්න පු`ඵවන් ද? බැහැ. ඒත් කමක් නැහැ ඒක පු`ඵවන් ය කියා හිතමු. මහණෙනි, හඳ පායන තැනත් හඳ බැසයන තැනත් අතර පවතින දුර කොපමණ ද? දුර මෙපමණයි කියා මැනලා කියන්න පු`ඵවන් ද? බැහැ. ඒත් කමක් නැහැ ඒක පු`ඵවන්ය කියා හිතමු. මහණෙනි මේ මහ පොළවත් හිස් අවකාශයත් අතර පවතින දුර කොපමණ ද? ඒ දුර මෙපමණයි කියා මැනලා කියන්න පු`ඵවන් ද? බැහැ. ඒත් කමක් නැහැ ඒක පු`ඵවන්ය කියල හිතමු. නමුත් මහණෙනි ප්‍රඥාවන්තයා යි දුර්ජනයායි අතර පවතින දුර මෙපමණයයි කියලා කියන්න බැහැ ජීවිතය පිළිබඳ තෘප්තියක් නැතිකම දියුණු වන්නට බාධාවක්.         


මේ දවස්වල මට හරියට කරදර වැඩියි. ඔෆිස් එකෙත් හරියට කැපිලි. උසස්වීම් දුන්නෙත් නැහැ. මට දැන් එපා වෙලා තියෙන්නේ. ආදී වශයෙන් වූ කතා වර්තමාන සමාජයේ ඇහෙනවා.


  තමා කරන කියන දේවල් ගැන සන්තෝෂයක් නැතිකම, ජීවිතය පිළිබඳ තෘප්තියක් නැතිකම දියුණු වන්නට බලාපොරොත්තූවන කෙනෙකුට එතරම් හොඳ දෙයක් නොවෙයි. යමක් කරන කියන විට එයට පළමු ව තමන්ට අවංකව ද එය කරන්නේ, සමාජයට හිතකාමීව ද එම ක්‍රියාව කරන්නේ කියලා කල්පනා කර බලන්න පුරුදු වෙන්න ඕනැ. තමන් කරන්නේ නිවැරදි දෙයක් නම් එය කවුරු මොනවා කීවත් නතර කරන්න යන එක නුවණට හුරු නැහැ. තමන් පිළිබඳ ව තෘප්තිමත්වීම වැදගත්. අන්‍යයන්ගෙන් ලැබෙන ගැරහුම් ද ප්‍රසංසා ද එතරම් ගණන් ගත යුතු නැහැ. ඒවා අවශ්‍ය තමයි. ඒත් දියුණුව කරා යන ගමනකදී එය අත්‍යවශ්‍ය නැහැ. 


  කරන කියන දේවල්වලට ප්‍රසංසා ලැබෙන විට තෘප්තිමත් වීමත්, නින්දා අවමන් එන විට අනන්ත දුකට පත්වීමත් සාමාන්‍ය ස්වභවයයි. දියුණු වන චරිතයකට එය ගැළපෙන්නේ නැහැ. ජීවිතයක් සාර්ථක කරගන්ට එයින් හැකියාවක් ලැබෙන්නෙත් නැහැ. 


  එයටත් හේතුවක් තියෙනවා. බොහෝ අවස්ථාවල දකින්නට ලැබෙන දෙයක් තමයි අන්‍යයන්ගේ යහපත් දෙය දකින්න බොහෝ අය දක්වන අකමැත්ත. එබඳු දේවල් මතු කරල පෙන්වීම මඟින් තමන් හෑල්ලු වෙනවා ය කියන මිථ්‍යා මතයේ තමයි බොහෝ අය ජීවත් වෙන්නේ. හොඳ දෙය හොඳයි, එහෙම නැතිනම් ඔයා දක්‍ෂයි ආදී වශයෙන් කීවාම එයා එහෙම කියන්නේ නැහැ. මේ හේතුව නිසා යහපත් දෙය කරන පුද්ගලයන් සමහර විට පසුබට වන්න පු`ඵවන්. සමාජයේ වැඩි පිරිස ගැන අවබෝධයක් නැති කමයි එයට හේතුව.


  වැරැදි අඩුපාඩු සුවහසක් තියාගෙන අන්‍යයන් හදන්නට යාමත් හරි නැහැ  නේ ද?
අයහපත දුටු විට මතු කරනවා. ඒ දෙය ම කියනවා. සාමාන්‍ය ජනයා හිතන්නේ තමන්ගේ පැත්තෙන්. මං හරි කියන පූර්ව වැරදි නිගමනයක් ඔවුන් තුළ තිබෙනවා. එයත් පුද්ගල දියුණුවට හේතු වන්නේ නැහැ. කතා කරන්න ගියහම බෝධි සත්වයන් වගේ. තමා පිරුණු පුද්ගලයකු ලෙස හිතන ඒ අය තමන්ට ලකුණු සියයම දාගෙන අන්‍යයන්ගේ අඬු ලුහුඩුකම් කියමින් ඔවුන්ගේ ලකුණු කපා දමනවා. අද සමාජය දෙස බලන්න. ඉතා වටිනා යහපත් කටයුතු කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් බින්දුවට දමන අය කොපමණ ඉන්නවා ද?


  තමා කරන කියන හැම දෙයක් ම අවංක ලෙසත් කරන්නට පුරුදු වන්න. අන්‍යයන්ගේ දොස් පරොස් ඕනෑ තරම් තියෙනවා. ඒවා හරි ගස්සන්නට ඔබ යන්නේ ඇයි? අම්මට තාත්තටත් හදන්න බැරි වුණ අය පැයකින් දෙකකින් හදන්න ඔබට පු`ඵවන් ද? සමාජ ශෝධනය කියල බොහෝ අය කල්පනා කරන්නේ අනුන්ට අණ දීලා, ඔවුන් හදන්න යන එකට, එය කවදාවත් කරන්නට ඔබට බැරි වේවි.


 නමුත් ඔබට පු`ඵවන් දෙයක් තියෙනවා. එය තමයි තමන්ගෙන් සමාජයට වන හානි අඩුකිරීම, තමන්ගේ වැරැදි අඩුපාඩු සකස් කර ගැනීම. තමා ළඟ වැරැදි අඩුපාඩු සුවහසක් තියාගෙන අන්‍යයන් හදන්නට යාමත් හරි නැහැ නේ ද?
  මං හරියට වැඬේ කළා. යහපත් දෙය කරන කෙනාට ම තමයි වරදින්නේ. ධර්මානුකූල ව ජීවත් වෙන්න ගියොත් පාඩු තමයි සිද්ධ වෙන්නේ. ආදී ලෙස කියන පුද්ගලයන් ඕනෑ තරම් ඔබට හමු වේ වි. ඒත් ඒ කියන වදන් පිළිගන්නෙ නැතිව තමා හිතල බලන්න, ධර්මානුකූලව වැඩ කළා නම් එයින් තමන්ට අයහපතක් වෙලා තියෙනවා ද කියලා. ඇයි එහෙම කියන්නේ? ඒ විදියට සිදුවන්න බැරි නිසා. එහෙම අලාභයක් වුණා නම්, තමන් කළ ක්‍රියාවේ පරහක් ඇති. ධර්මානුකූල ව කියල කිව්වට එතන කුමක් හෝ වරදක් ඇති. ඒ ගැන හිතල බලන්න. පසුතැවීම සඳහා නොවෙයි. ඉදිරිය සාර්ථක කර ගන්නටයි එහෙම කරන්නට ඕනැ.


තරහව, වෛරය කියන්නේ එක්තරා විදිහක මානසික රෝග.  


එයා මට බැණ්නා, මට ගැහුවා, මා පැරදුවා, මා විනාශ කළා.


ආදී ලෙස අන්‍යයන් ගැන හිතන්නට යන්න එපා. ඒ විදිහට හිතන්න ගියොත්, ඔබගේ දියුණුවක් කවදාකවත් ඇති වන්නේ නැහැ. හිතේ තරහමයි වැඩි වන්නේ. වෛරයමයි වැඩිවෙන්නේ. තරහව, වෛරය කියන්නේ එක්තරා විදිහක මානසික රෝග. එබඳු රෝගීන්ගේ මානසික රෝග ලක්ෂණ කල් යාමේ දී කායික රෝග බවට ද පත්වෙනවා. හිත බර වෙනවා. ශරීරය බර වැඩියි. යහපත් වැඩක් කරන්න බැහැ.


  කාගෙන් හරි අසාධාරණයක් වුණා නම් එසේ කළ පුද්ගලයා පිළිබඳ මතකය වහාම අමතක කර දමන්න. තමාට සිදුවුණ විපත්තිය යහපතට හරවා ගන්න උත්සාහ කරන්න. එවිට තමයි තමාගේ හිතට යහ ගුණදහම් මතු වෙලා එන්නේ. ජීවිතයේ තමන් කළ එබඳු උත්සාහයන් ගැනම මෙනෙහි කරන්න. තමා ගැනම ආදරයකුත් භක්තියකුත් හිතට එනවා. එවිට, ඒ සිතුවිල්ල ඔබගේ හෙට දවසේ සියලු කටයුතු සාර්ථක කර ගන්නට හේතු වෙනවා.

අදහස්(8) බැලූවෝ (4575)

සාමාන්‍ය මිනිස් රුචිය වැඩිපුරම ඇත්තේ සිනා නගන්නද? අඬා වැටෙන්නද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

fb-icon දමයන්ති පීරිස් 2016-07-21 12:50:08

ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු (බ)

ඈන් 2016-08-06 17:55:55

බුදුන් වහන්සේගේ දර්ශනයේ/ධර්මයේ පෘතග්ජන මනුස්සයන්ට ජීවිතය හොඳින් ගෙනයන්නට දේශනා කර ඇති කොටස් සොයාගන්නේ කෙසේද? පැහැදිලි ලෙසම උන් වහන්සේ ජීවිතය සාර්ථක කර ගැනීමට ධර්මය දේශනා කර ඇති බව දනී. එහෙත් එය කෙසේ සොයාගන්නද? ඒ ගැන ඇති පොත් මොනවාද? කාරුණිකව ඒ පිළිබඳ විස්තරත් මතුවට පළකරන්න. (නි)

චන්ද්‍රසිරි 2016-08-11 00:43:54

ඔබවහන්සේගේ බුදු බණ අපගේ දැනුම පුබුදුවාලයි. නමස්කාර වේවා! සාදු සාදු සාදු!!! (නි)

සීලා 2016-08-14 19:08:20

ඉතාමත් අාදර්ශමත් සැමටම තේරෙන ආකාරයෙන් කියා තිබෙන ලිපියක්. අපි මිනිස් ජීවිතයක් ලබාගන්න වාසනාවන්ත වුණත්, මනුෂ්‍යත්වය රැකගෙන මහපොළව විනාශ නොකර ජීවත් වන්න පුරුදු වෙනවා නම් මේ ලොව කොතරම් සුන්දරද? (නි)

ලසිත 2016-08-16 09:54:14

සාධු සාධු සාධු, හිතට පුදුම සහනයක් දැනුන අපේ හාමුදුරුවනේ (බ)

චාරුක 2016-08-17 05:07:09

ධනාත්මකව සිතීමේ පුරුද්දක් ඇති කළයුතු සමාජ වාතාවරණයක ඔබවහන්සේගේ මේ සමාජ සත්කාරයට මගේ සාධුකාරය! (නි)

මාලනී 2016-08-23 05:25:05

මෙය සිතට සහනයක් (නි)

චාන්දනී 2016-12-21 09:40:57

වසර ගණනාවක් මව රවටල ජීවිතේ අවුල් කල කෙනෙකුට මම දිගටම මනුස්සයෙකුට කල හැකි උපරිම සැලකීම කලා. එත් ඒ පුද්ගලයා නපුරු කමෙන් මිදුනේ නැහැ. මම හිතෙන එයාව අයින් කලා. ඔබ වහන්සේ කියන දේ හරියටම හරි. ඔබ වහන්සේට පින්සිදු වේවා! (ම)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :